එක්සත් ජාතීන්ගේ සෞඛ්‍යය හා සබැඳි තිරසාර සංවර්ධන ඉලක්ක හා සර්වත්‍ර සෞඛ්‍ය ආවරණය සාක්ෂාත් කර ගැනිම සඳහා වඩාත් ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව රජය හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය ශක්තිමත් කිරීම පිණිස පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණු වන්නේ ජනතා කේන්ද්‍රීය ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ සේවා උපයෝජනය හා ඒවායේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමයි.

එය 'ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය යළි සංවිධානය කිරීම - අපගේ ප්‍රගතිය සුරැකීම, අපගේ අනාගතය සූදානම් කිරීම' යන තේමාව යටතේ වන ප්‍රාථමික වෛද්‍ය ආරක්ෂණ සේවා යළි සංවිධානය කිරීම සඳහා වන අත්‍යවශ්‍යයෙන්ම දේශීය ආකෘතියකි. මෙම පියවර, අපගේ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි දියුණු කර ගැනීමේ හා එමගින් ක්‍රමයෙන් විකාසය වන අභියෝග, විශේෂයෙන්ම බෝ නොවන රෝග වල බර යන අභියෝගයට මුහුණ දීමට දේශීය සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සූදානම් කිරීමේ ක්‍රමයක්ද වේ. දියවැඩියාව, කන්තු වාහිණික රෝග, කුකුන්දර හෘද රෝග, ආඝාතය, ශ්වසන රෝග සහ පිළිකා මේවා අතර කැපී පෙනේ.

මෙම ප්‍රවේශය ශක්තිමත් සාක්ෂි මත පදනම්ව ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ තේමාගත ක්ෂේත්‍ර තුනක් ඉස්මතු කර දක්වයි. :

  • ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය නැවත සංවිධානය කිරීම.
  • ජනතා කේන්ද්‍රීය සේවාවන් වෙනුවෙන් තොරතුරු කළමනාකරණ පද්ධති වැඩි දියුණු කිරීම.
  • ප්‍රධාන පද්ධති වැඩිදියුණු කිරීම් තුළින් සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම.

පරිපූර්ණ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක ඉල්ලුම් හා සැපයුම් යන සංරෝධන දෙවර්ගයටම විසඳුම් සැපයීම ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය අරමුණු කරයි :

  • ඉල්ලුම් පාර්ශ්වයෙන් එයට සෞඛ්‍ය සම්පන්න බව අත් කර ගැනිමේ චර්යාව වෙනස් කිරීම සඳහා සක්‍රිය ප්‍රවේශ වීමේ ක්‍රියාකාරකම් හා ශක්තිමත් පුරවැසි ප්‍රතිපෝෂණ යාන්ත්‍රණ ඇතුළත්ය.
  • සැපයුම පාර්ශ්වයෙන් එය ප්‍රාථමික වෛද්‍ය ආරක්ෂණ ආයතනවල හැකියාවන් හා ජනගහනයේ ඉල්ලුම් හා ප්‍රතිචාර දක්වන ස්වභාවය වැඩි දියුණු කිරීම මගින් ඒවා භාවිතය දිරිගන්වයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවට පහත සඳහන් දේ සඳහා අවස්ථාව සැලසේ. :

  • කණ්ඩායම් කළමනාකරණය හා රෝගීන් කේන්ද්‍ර කරගත් සේවා සැපයුම සම්බන්ධ වැඩි දියුණු වූ කුසලතා වලින් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය සපයන්නන් සන්නද්ධ කිරීම.
  • බෝ නොවන රෝග වැඩිවීම සඵලදායක ලෙස කළමනාකරණය සහ පාලනය කිරීම.
  • බෝ නොවන රෝග වැඩසටහන් වෙනුවෙන් ජනගහනය පාදක කරගත් තොරතුරු කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම.

ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර