අප ගැන

ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ස්ථාපනය කරනු ලැබ ඇති අතර එය පහත සඳහන් ප්‍රධාන තනතුරු වලින් සමන්විත වේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂ, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් (සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය, ව්‍යාපෘති නිලධාරීන්, ප්‍රසම්පාදන විශේෂඥයන්, පහසුකම් කළමනාකරණ විශේෂඥ, ගණකාධිකාරීවරුන්. අභ්‍යන්තර විගණක, අධික්ෂණ හා ඇගයීම් විශේෂඥ (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය) අධීක්ෂණය හා ඇගයීම් නිලධාරීන් (සෞඛ්‍ය අමාත්‍යාංශය) සන්නිවේදන සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නිලධාරින්, පළාත් ව්‍යාපෘති කළමනාකරුවන්, පළාත් ව්‍යාපෘති නිලධාරීන් සහ ප්‍රාදේශීය ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරීන් මෙන්ම අනෙකුත් අදාල පරිපාලන හා තාක්ෂණික සහාය කාර්ය මණ්ඩලය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා, ජාතික මෙහෙයුම් කමිටුවේ සම සභාපතිවරුන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට වාර්තා කරයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි පළාත් මට්ටමේ සම්බන්ධ වීම අනුව ගත් කළ, පළාත් හා ප්‍රාදේශීය ව්‍යාපෘති කාර්ය මණ්ඩලය ව්‍යාපෘති කළමනාකරණ ව්‍යුහයේ සංඝටනීය කොටසක් වීම වැදගත් වේ.

විවිධ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණය හා ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තා කිරීම පිණිස පළාත් හා ප්‍රාදේශීය ව්‍යාපෘති කාර්ය මණ්ඩලයට වගකීම් පැවරී ඇත.

org main